🔶. වර්තමානයේ බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගයක් ලෙස පීනස් රෝගය හඳුනා ගත හැකිය.
🔶. ඇතැම් පුද්ගලයන්ට තම එදිනෙදා කටයුතු වලට පවා බාධා වන පරිදි මහත් පීඩාවක් ඇති කරයි.
🔶. පීනස රෝගයේ විශේෂ ලක්ෂණයක් වන්නේ වෙනත් රෝග වලදී මෙන් රෝග ලක්ෂණ නිතරම නොපෙන්වීමයි. මෙම රෝගීන්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ පරිසරයේ සිසිල් බව වැඩි අවස්ථාවලදී ය. එනම් උදෑසන කාලයේදී සහ සවස් කාලයන් වලදී බොහෝ විට රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
🔶. ආසාත්මිකතාවයක් නිසා ඇතිවන කෝඨරක ආසාදන තත්වයක් පීනස රෝගයට හේතු වේ.
🔶. මෙලෙස ආසාත්මිකතාව ඇති වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි වී අධි සංවේදීතාවයක් ඇති වූ විට ය.
🔶. මෙහිදී නාසය සහ නාසයට සම්බන්ධ කෝඨරක වල බිත්ති ඉදිමී වැඩිපුර ස්රාවයන් පිට කිරීමක් සිදු වේ. ඒවා සොටු දියර ලෙසින් නාසයෙන් පිටතට ගලා යයි.
🔶. මීට අමතරව කිවිසුම් යාම, නාසය උගුර කැසීම වැනි අපහසුතා ද මතු වේ.
🔶. ඇතැම් පුද්ගලයන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට මෙම රෝගය මතුවීමක්ද දක්නට ලැබේ. එනම් ජානමය හේතු නිසා පීනස ඇති අයගේ දරුවන්ටද එය මතු වීමේ හැකියාවක් ඇත.
💠 සමහරුන්ට මෙම තත්වය එක් කාලයකදී පමණක් ඇති වන අතර (seasonal rhinitis) ඇතැමුන්ට දීර්ඝ කාලයක් තිස්සේ පවතී. (perinneal rhinitis)
💠 ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙය වාත සහ කඵ දෝෂයන් ගේ ප්‍රධානත්වයෙන් හට ගනී.
🔰🔰රෝග ලක්ෂණ 🔰🔰
🔸 නාසයෙන් සොටු දියර ගැලීම
🔸 නාසය හිර වීම
🔸 නාසයේ තෙත් ගතිය
🔸 විටෙක නාසයේ වියළි බව
🔸 අධික ලෙස කිවිසුම් යාම
🔸 උගුර, තල්ල, ඇස්, කන් කැසීම
🔸 ඇස් රතු වීම
🔸 ගද සුවඳ නොදැනී යාම
🔸 රස නොදැනී යාම
🔸 හිසේ බර බව
මෙම රෝග ලක්ෂණ රෝගියාගෙන් රෝගියාට වෙනස් විය හැකිය.
💠 ඇතැම් පීනස් රෝගීන්ට පීනස තත්වයන් වැඩි වීමට පහත සඳහන් කාරණා හේතු වන බැවින් ඒවායෙන් වැළකී සිටීම වැදගත් වේ.
🔸 දූවිලි
🔸 සතුන්ගේ මවිල්, පිහාටු වැනි දේ
🔸 මල් රේණු , පරාග වැනි අංශු
🔸 සුවද විලවුන් වර්ග
🔸 ඉස්සො, දැල්ලො, බල මාලු, අන්නාසි වැනි ආහාර
🔸 වම්බටු, මෑ, වැල්දොඩම්, බිත්තර, කිරි, රටකජු වැනි ආහාර
🔸 දේශගුණය වෙනස් වීම
🔸 අධික සීතල හෝ අධික රස්නය
🔸 වැසිබර කාළගුණික තත්වයන්
🔸 ශීත කල ආහාර පාන වර්ග
🔸 දුම්වැටි වලින් ,දර ලිපෙන්, මදුරු දඟර වලින් පිටවන දුම
🔸 විදුලිපංකා
🔸 වායුසමීකරණ
🔰🔰 උපද්‍රව 🔰🔰
🔸 නාසයෙන් ලේ ගැලීම
🔸 නාසයේ මස්දළු ඇති වීම
🔸 නාසය, මුහුණ ඉදිමීම
🔸 කාලයක් පවතින හිසරදය
🔸 උගුරේ ආසාදන
🔸 කටහඬ වෙනස් වීම
🔸 අකලට හිසකෙස් සුදු වීම
🔸 නේත්‍ර ස්‍රාව
🔸 මැද කනේ ආසාදන
🔸 කන් ඇසීමේ දුර්වලතා
🔸 ඇදුම
මෙවැනි සංකූලතා නිසා බොහෝ පීනස් රෝගීන් දැඩි පීඩාවකට පත් වන අතර ඇතැම් විට තම අධ්‍යාපන කටයුතු , රාජකාරි කටයුතු පවා කරගැනීමට බාධාවක් වනු ඇත.
එම නිසා නිසි ප්‍රතිකාර වලට යොමු වීමෙන් කල් නොයවා මෙම රෝගය සුව කරගැනීමට යොමු වීම ඉතා වැදගත් ය.
🔰🔰 ආයුර්වේද ප්‍රතිකාර 🔰🔰
🔸 අභ්‍යන්තර ඖෂධ
🔸 ස්නේහ කර්ම
🔸 ස්වේද කර්ම
🔸 වමන කර්ම
🔸 විරේචන
🔸 ධූමපාන
🔸 ගණ්ඩූෂ ධාරණ
ආදී ප්‍රතිකාර මගින් සාර්ථකව රෝගය පාලනය කළ හැකිය.
🔰🔰 වැළකීමට 🔰🔰
පීනස් රෝගය වළකා ගැනීමටත්, උත්සන්න නොවී පාලනය කරගැනීම සදහාත් පිළිපැදිය යුතු කරුණු පහතින් දක්වා ඇත.
🔸 නිවස හා ගෙවත්ත පිරිසිදුව තබා ගත යුතුය.
🔸 නිවස තුල වියළි පරිසරයක් පවත්වා ගත යුතුය.
🔸 ඇද ඇතිරිලි ,කොට්ට, මෙට්ට නිතර සෝදා පිරිසිදු කරගත යුතු අතර ඒවා වියළි තත්වයෙන් පවත්වා ගත යුතුය.
🔸 බූල් සහිත රෙදි භාවිතයෙන් වැළකිය යුතුය.
🔸 නිවස තුල දර ලිපේ දුම් එකතු නොවන ආකාරයට සකසා ගත යුතුය .
🔸 දූවිලි, දුම් ආඝ්‍රාණයෙන් වැළකිය යුතුය.
🔸 විදුලිපංකා, වායුසමීකරණ භාවිතය අවම කළ යුතුය.
🔸 තමන්ට රෝගී තත්වය වැඩි වන ආහාර පාන වර්ගයන් හඳුනාගෙන ඒවායෙන් වැළකිය යුතුය.
🔸 හිරුඑළිය හොඳින් පවතින දිනක පමණක් සවස 2ට පෙර දිය නෑම සුදුසුය.
🔸 රාත්‍රි කාලයේ සහ පාන්දර දිය නෑමෙන් වැළකිය යුතුය.
🔸 සීතල ජලයෙන් දිය නෑමෙන් වැළකිය යුතුය. වතුර බේසමකට පුරවා හිරු එළියේ තබා රත් වූ පසු නෑම සුදුසු වේ.
🔸 උණුසුම් ජලය පානය කළ යුතුය.
🔸 රතුළූණු, කතුරුමුරුංගා වැනි ආහාර නිතර ආහාර වේලට එකතු කරගත යුතුය.
🔸 කල් නොයවා නිසි ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත් ය.
👩⚕ සටහන :- ආයුර්වේද වෛද්‍ය ධනෝජා ආරියරත්න මෙනෙවිය
BAMS(Hons)
දේශීය වෛද්‍ය විද්‍යායතනය - කොළඹ විශ්වවිද්‍යාලය
☎️ +941145 91583
© All Rights Reserved
0 Comments