අක්මාවේ තෙල් නිසා පීඩා විඳින රෝගීන් බොහෝමයක් අද සිටිනවා. ශරීරයේ කොතැනක තෙල් තැන්පත් වුණත් අක්මාවේ තෙල් ගතිය 5% කට වඩා තැන්පත් වීම රෝගී තත්වයක් විදිහටයි සැළකෙන්නේ.
අක්මාව අක්‍රිය වුණොත් ශරීරයේ පැවැත්මට කොයිතරම් හානි කරනවාදැයි ඔබ සමහරවිට දන්නේ නැතිව ඇති. ශරීරයේ විෂ ඉවත් කිරීමේ ක්‍රියාවලිය සිදුවන්නේ අක්මාව මඟින්. ඒ වගේම ශරීරයට අවශ්‍ය හෝමෝන ස්රාවය කිරීම, ආහාර ජීර්ණයට අවශ්‍ය පිත නිපදවීම, කාබෝහයිඩ්රේට් පරිවෘත්තිය, ප්‍රෝටීන් නිපදවීම, ලිපිඩ වර්ග නිපදවීම ආදි බොහෝමයක් කාර්ය්යන් අක්මාව මඟින් සිදුකරනු ලබනවා.
අක්මාවේ තෙල් සහිත බව අපට දැනගත හැකිවන්නේ උදරයේ දකුණු පස ඇතිවන වේදනාව, වැඩිපුර බඩ පුරවා දැමීම, දැඩි ආහාර අරුචිය, ඔක්කාර ගතිය හා නිතර දැනෙන අධික තෙහෙට්ටුව ආදී ලක්ෂණ වලිනුයි.
මෙම රෝගයෙන් වැළකීමට නම් ඔබ නිවැරැදි ආහාර රටාවකට හුරුවිය යුතුමයි. මත්පැන් වලින් තොර වී දියවැඩියා රෝගී තත්වයන් පාලනය කරගත යුතුයි. තරබාරු ගතියක් වේ නම් එය කෙසේ හෝ අඩු කරගත යුතුයි. දිනපතා ව්‍යායාම ද සිදුකළ යුතුයි. කෘතිම ආහාර, රසකාරක යෙදූ ආහාර වලින් වැළකිය යුතුයි. මොවුන්ට ගැඹුරු තෙල් වලින් බැදපු ආහාර ඉතාමත් අගුණ බව මතක තබාගත යුතුයි.
මෙම අක්මාවේ තැන්පත් වූ තෙල් ඉවත් කිරීමට අපේ දේශීය වෙදකමේ ඉතා ඉහළ ගුණදායක කැඳ වර්ග බොහෝමයක් භාවිතා කරනවා. අපි දැන් ඔබට ඉදිරිපත් කරන්නේ එවැනි වටිනා කැඳ වර්ග කිහිපයකි.
🔴 කැඳ වර්ග 01
මුස්වැන්ද කොළ, බක්මී පොතු, හාතවාරිය අල, පිටවක්කා කොළ මේවායෙන් මිටක් පමණ වන සේ ගෙන හීනටි හාල් සමඟ කැඳ උයා දින 03ක් කිතුල් හකුරු සමඟ පානය කරන්න.
🔴 කැඳ වර්ග 02
ගස්කරල්හැබ, බක්මී, හීන් බෝවිටියා, රසකිඳ කොළ, මොණරකුඩුම්බිය, මුස්වැන්ද, සැවැන්දරා කොළ මිරිකා ගත් ඉස්මට හීනටි හාල් හෝ රතු කැකුළු හාල් දමා කැඳ පානය කරන්න.
🔴 කැඳ වර්ග 03
මුස්වැන්ද කොළ, හීන් බෝවිටියා, ගැටතුඹ කොළ, කරවිල කොළ වලින් කොළ කැඳ උයා පානය කරන්න.
🔴 කැඳ වර්ග 04
යකිනාරං කොළ වලින් හදාගත් කැඳ කිතුල් හකුරු සමඟ පානය කරන්න.
All Rights Reserved
0 Comments