ගර්භණී සමයේ ඔබ ගතයුතු ආහාරපාන

 

ගැබිනි සමය යනු ආහාරපාන පිළිබඳව සුවිශේෂී සැලකිල්ලක් දැක්විය යුතු කාල සීමාවක්. මෙම කාලය තුළදී ඔබ ලබාගන්නා ආහාරපාන ගැබ තුල සිටින දරුවාගේ වර්ධනයට මෙන්ම ඔබගේ පෝෂණයටද බෙහෙවින්ම බලපානු ලබනවා. ගර්භය වැඩෙන ඒ ඒ කාලසීමා වලට අදාලව ගැබිනි මවක් විසින් සේවනය කල යුතු ආහාරපාන වර්ග ආයුර්වේදය තුළ වෙන වෙනම විග්‍රහ කර ඇත්තේ එම ගැබිනි මව ආරක්ෂා කර ගනිමින් නිරෝගී දරු පැටියෙකු මෙලොවට දායද කිරීමේ පිවිතුරු අදහස පෙරදැරිවයි.

ගැබිනි මවගේ ආහාරපාන

🔴 ගැබිනි සමයේ මුල් තෙමස

ආයුර්වේදයට අනුව අසංජාත අවධිය ලෙස හඳුන්වන මෙම කාල සීමාව ගර්භය තදින් ගර්භාෂයට බැඳ තබා ගැනීම සිදුවන කාලයයි. එම නිසා මෙම කාල සීමාව තුළ ගර්භණී මවක් විසින් ලබා ගතයුතු වන්නේ ද්‍රව බහුල, ශීත ගුණ බහුල, මධුර රසැති ආහාරපාන වර්ගයි.

🔶. එළකිරි - සෙම වඩන ස්වභාවයක් පවතින්නේ නම් කිරි රත් කිරීමේදී එයට ඉඟුරු පෙති 02ක් එක්කරගන්න.
🔶. හාතාවාරිය කොළ කැඳ
🔶. ගොටුකොළ කැඳ
🔶. මුං ඇට - කැඳක් ලෙස හෝ සුප් එකක් ලෙස පිළියෙල කරගත හැකිනම් වඩා ගුණදායකයි.
🔶. තැඹිලි වතුර
🔶. බාර්ලි
🔶. සව් කැඳ, කිරි කැඳ, ලුණු කැඳ

මෙම කාලය තුල දී ගර්භාෂය ස්ථායීව රඳවා ගැනීමට උදව් වන බතල, හිඟුරල, හාතවාරිය, ගොටුකොළ ආදී ගර්භ ස්ථාපක ආහාර වර්ගද පරිභෝජනය කළ යුතුයි.

🔴 මාස 04 - 07 දක්වා කාලය

කලලයේ සියලු අංග සහිතව වර්ධනය සිදුවන මෙම කාලය ආයුර්වේදය තුළ හැඳින් වෙන්නේ සංජාත අංග අවධිය ලෙසයි. මෙම කාලය සීමාව තුළ ලබා ගතයුතු ආහාරපාන මෙසේයි.

🌸 හතර වන මාසය

🔷. බත් ඇතුළු අනෙකුත් ධාන්‍යමය ආහාර

🌸 පස් වන මාසය

🔷. මුදවපු කිරි
🔷. සහල් ආශ්‍රිත ආහාර
🔷. සත්ව මාංස යෙදූ සුප් වර්ග
🔷. කිරි හා ගිතෙල් මිශ්‍ර ආහාර

🌸 හය වන මාසය

🔷. මධුර රසයෙන් යුත් ඖෂධ යොදා සිද්ධ කරන ලද ගිතෙල්
🔷. ගොකටු යොදා පිළියෙල කල ගිතෙල් හෝ බත් කැඳ
🔷. මධුර රසයෙන් යුත් වෙනත් ආහාරපාන වර්ග
🔷. මධුර රස ගන්වන ලද මුදවපු කිරි
🔷. එළකිරි හා කිරි ආශ්‍රිත ආහාර (චීස්, යොඉගට්, බටර්, පනීර්)
🔷. දීකිරි
🔷. පොල්පලා කැඳ
🔷. ගොකටු කැඳ
🔷. මාංස අඩංගු සුප් වර්ග (කාරල්ලන් සුප්, එළුකටු සුප්, කුකුළු සුප්)
🔷. එළඟිතෙල්
🔷. දේශීය සහලින් පිළියෙල කරන ලද කිරි කැඳ, බත් කැඳ, බැදි හාල් කැඳ

🔴 මාස 07 - 09 දක්වා කාලය

🌸 හත් වන මාසය

🔶. මධුර රසය එක්කරන ලද මුදවපු කිරි
🔶. එළඟිතෙල්

🌸 අට සහ නව වන මාසය

🔶. බත්
🔶. කිරිබත්
🔶. බත් කැඳ
🔶. කිරි යෙදූ කැඳ වර්ග - කිරි කැඳ, මුං ඇට කැඳ, කුරක්කන් කැඳ
🔶. මාංස වර්ග යෙදූ සුප් වර්ග - කුකුළු මස් සුප්, මාළු සුප්, එළුකටු සුප්,
🔶. ගිතෙල්
🔶. බටර්

සැලකිය යුතුයි

මෙහිදි මධුර රස යනුවෙන් අදහස් කරනුයේ ඖෂධයන්ගේ පංච ගුණ වල එන රස අනුව ඔසු වර්ග කිරීමක් මිස පැණි රස අහාරම නොවේ. මෙම ආහාර වර්ග ගැනිම ආයුර්වේද වෛද්‍ය නිර්දේශය මත සිදුකරන්න.

විශේෂඥ වෛද්‍ය කෞමදී කරුණාගොඩ මහත්මිය
© All Rights Reserved

Post a Comment

0 Comments