හදවත් රෝග නසන හෙළ ඔසුව "උළු හාල්"


 බහු පර්ණී, ජනබීජාගන්ධ බීජ, දීපනී, මේටිකා යන නාමයන්ගෙන් හඳුන්වන උළුහාල් ඉතාමත් ගුණදායක ඖෂධයක් බව සමහරවිට ඔබ දන්නේ නැතිවත් ඇති.

 රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ඉන්සියුලින් නිස්සාරණය අවශ්‍ය පරිදි ක්‍රමවත් කිරීමේ හැකියාව උළුහාල් සතුයි. බීජ මඟින් පැළ කරගන්නා උළුහාල් කුඩා පැළෑටි සලාදයක් ලෙස භාවිතා කිරීම වඩාත් උචිතයි. එසේම මෙය මව්කිරි වැගිරීම වර්ධනය කිරීමේ ගුණයකින්ද යුක්තයි. රුධිර නාල වල ඇති මේද පදාර්ථ ඉවත් කිරීමේ හැකියාවෙන්  ‍යුක්තයි. ඊට කුරුඳු පොතු එකතු කරගතහොත් තවත් ගුණදායක වෙයි.

 රූපලාවණ්‍යයේදී මුහුණේ ආලේපයට ගන්නා ඇතැම් ආලේප වල උළුහාල් චූර්ණය අන්තර්ගත කර ඇත. හිසකෙස් වර්ධනයට, හිසේ ඇතිවන හිස්හොරි, කුඩා බිබිළි මර්දනයට වඩාත් යෝග්‍යයි. උළුහාල්, දෙහි ගෑම, වෙරළු කොළ තම්බා පෙරා සේදීම උචිතයි. ශාරීරික උෂ්ණාධික රෝග වල දී, පැපොල වැනි අවස්ථා වල දී උළුහාල් ශීත කසායක් වශයෙන් සකස්කර දීම සිදුකෙරෙයි. වාත සමනය කරන ගුණයෙන් යුතු මෙය මාන්දම, ග්‍රාහණිය වැනි රෝග අවස්ථා වල ආලේපයක් හා පානයක් ලෙසට උළුහාල් මිශ්‍රිත උළුවා තෛලය ඉතා සුදුසුයි.

සැකසුම :- හෙළ අරණ

Join with us 👇
facebook , instagram , youtube

Post a Comment

0 Comments