සිරුරේ මේදය දහනය කරන පුරාණ රහස් සූදුරු තේ පානය

 

සූදුරු ආහාර ජීර්ණය පහසු කරන, බඩවැල් පිරිසිදු කරන, මල පිටවීම ක්‍රමානුකූල කරන, ශරීරයේ සම්පුර්ණ ක්‍රියාදාමය යහපත් කරන, මේදය නසන දේවමය ඖෂධයක් විදිහටයි ආයුර්වේදයේදී සැලකෙන්නේ.

"ජීරා" ලෙස හැඳින්වෙන සූදුරු වල රහස් බලය ගැන මුලින්ම දැනගෙන උන්නේ මීට වසර 5000 කට පමණ පෙර මිසරයේ ජීවත් වූ පාරාවනුයි. ඒ නිසාම පාරාවන්ගේ සුන්දර බිසෝවරුන්, කුමාරිකාවන් දිනපතාම සූදුරු තේ පානය කලා විතරක් නෙවෙයි ඊජීප්තු මමී සකස් කරන්නත් මෙම සූදුරු ඔවුන් විසින් යොදාගෙන තිබුනා.

ආයුර්වේදය තුළ දී ශරීරයේ බාහිරව හා අභ්‍යන්තරව හටගන්නා රෝග ගණනාවකටම ඖෂධයක් ලෙස සූදුරු භාවිතා කරනු ලබනවා. ක්වාත, ක්‍ෂාය, අරිෂ්ඨ, ආසව, තෛල, චූර්ණ, ආලේප සහ ගුලි ආදී ආයුර්වේදයේ රහස් බෙහෙත් වර්ග රැසකටම මෙම සූදුරු සම්පාදිත ඖෂධයක් ලෙස අතීතයේ සිටම යොදා ගැනෙනවා.

විශේෂයෙන්ම මේදය නසන, උදරයේ අධික තරබාරුව නැති කරන, මහත් වීම නිසා ඇතිවන තෙහෙට්ටුව අඩුකරන, උදරය සෞම්‍ය කරන බෙහෙතක් ලෙසද සූදුරු ඉතා ප්‍රසිද්ධයි. අතීතයේ ජීවත් වූ මව්වරුන් බඩේ අමාරුවක්, බඩ පිපුමක් ආ සැනින් අත් බෙහෙතක් ලෙස බැදි සූදුරු පානයක් ලබා දීමටද පුරුදුව සිටියා.

ඔබටද මේ සූදුරු තේ පානය, ප්‍රතිකාරයක් ලෙස සතියකට කිහිප සැරයක් බැගින් මාස 06 ක් පමණ එක දිගට බොන්න පුළුවන් නම් උදරය අවට අධිකව තැන්පත් වූ මේදය පහසුවෙන් දියකර හරින්නට පුළුවන්. ඒ සඳහා පහත දැක්වෙන සූදුරු තේ පානය සාදාගෙන දිනකට තේ කෝප්ප 03 බැගින් මාසයක් පමණ බොන විට ආහාර දිරවීම ක්‍රමානුකූල වී හොඳ සන්සුන් උදරයක් ඔබට ලබාගත හැකියි. මේ ඒ රහස් සූදුරු තේ පානයයි.

🔴 සාදාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය

🔸සූදුරු මේස හැඳි 01 ක්
🔸උළුහාල් තේ හැඳි 1/2 ක්
🔸අඟල් 1/2 ක කුරුඳු කැබැල්ලක්
🔸අඟල් 1/2 ක ඉඟුරු කැබැල්ලක්
🔸වතුර කෝප්ප 02 ක්
🔸මී පැණි තේ හැඳි 01 ක්

🔴 සාදාගන්නා ආකාරය

01). සාස්පානක් ගන්න. එයට වතුර නොදමා රත්කරන්න.

02). සාස්පාන හොඳින් රත් වූ පසුව එයට සූදුරු, උළුහාල්, කුරුඳු දමා විනාඩි 02 ක් පමණ කබලේ බදින්න.

03). සුවඳ හොඳින් එද්දී එයට වතුර කෝප්ප 02 ක් දමන්න. එයටම ඉඟුරු ද දමන්න.

04). හොඳින් උතුරුවාගෙන පසුව මද ගින්නේ විනාඩි 03 ක් පමණ රත්කරන්න. විනාඩි 03 කට පසුව පෙරාගන්න.

05). පෙරාගත් සූදුරු තේ වලට මී පැණි තේ හැඳි එකක් දමා බොන්න.

මෙම පානය සාදාගෙන උදේ 09 ට, සවස 03 ට සහ රාත්‍රී 09 ට පමණ බොන්න. මාසයක් පමණ මෙය පානය කරන විට ඔබේ ජීවිතයට පෙර නොවිඳපු සහනයක් ලැබේවි. ඉනේ ප්‍රමාණය අඟල් 03 - 06 ත් අතර ප්‍රමාණයක් අඩුකරගන්නත් ඔබට පුළුවන් වේවි.

මේ සූදුරු තේ පානය බොන කාලය තුළ පාන්පිටි, තෙල් සහ සීනි අඩංගු ආහාරපාන වලින් හැකිතාක් දුරස් වෙලා ඉන්න. ඉහළම ප්‍රතිඵල ලබාගැනීම සඳහා විනාඩි 10 කට පෙර වැඩි රස්නය ඇති වතුර වීදුරුවක් බොන්න. මෙහි ප්‍රතිඵල විශිෂ්ඨ බව ඔබට නොබෝ දිනකින්ම දැකගන්නට ලැබේවි.

📗 තොරතුරු මූලාශ්‍රය :- ආයුර්වේදයේ රහස් ප්‍රතිකාර
© All Rights Reserved

Post a Comment

0 Comments