පිරිපුන් කෙස් කලඹක සිහින දකින ඔබට ගෙදරදිම හදාගත හැකි ස්වාභාවික ෂැම්පු වර්ග 15 ක්

 

ලස්සනට ඉන්න හැම කෙනෙක්ම කැමතියි. සමේ පැහැපත් බව ගැන විතරක් නෙමෙයි කොණ්ඩෙ ගැනත් අපි එකසේ අවධානය යොමුකළ යුතුයි. වෙළඳපොලෙන් ඕනෑ තරම් ෂැම්පු වර්ග මිල දී ගන්න තිබුණත් ඒවා පාවිච්චි කළ පසු කාලයත් සමඟ නොයෙකුත් ගැටළු වලට මුහුණ දීමට සිදුවෙනවා. ඔවුන් මොන විදිහට ස්වභාවිකයි කිව්වත් නැවුම් ගතියක් නැති නිෂ්පාදිත ද්‍රව්‍ය වල කොහෙන් ගුණවත් බවක්, ස්වාභාවික ගතියක් අරගන්නද? ගෙවත්තේ තියෙන ගස් වැල් වලින් හොයාගන්න පුළුවන් දේවල් එකතුකරගෙන ගෙදරදිම පහසුවෙන් ෂැම්පු හදන්න පුළුවන්. ඉතා කෙටි කාලයක් තමයි මේ හැමදේකටම වැයවන්නේ. ශරීරයට හිතකර ෂැම්පු වර්ග ගෙදරදිම හදාගන්නේ මෙන්න මෙහෙමයි..

🔴 පෙනෙල කොළ + බිත්තර සුදු මද වලින් ෂැම්පු එක

පෙනෙල කොළ ටිකක් අරගෙන කොටලා ඒ යුෂට බිත්තර සුදුමද එකතු කරලා ෂැම්පු එකක් විදිහට හිසේ ගාන්න. ටික වෙලාවක් තියලා සෝදලා හරින්න.

🔴 කෝමාරිකා + උළුහාල් වලින් හදන ෂැම්පු එක

කෝමාරිකා වල මදය සූරාගෙන බ්ලෙන්ඩ් කර එයට භාගෙට තම්බා ගත් උළුහාල් දමා හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු එම ආලේපය හිසේ සහ හිසකෙස් වල ආලේප කර විනාඩි 20 ක් පමණ සිට සෝදා හරින්න.

🔴 ගොඩපර + උළුහාල් වලින් හදන ෂැම්පු එක

ගොඩපර ගෙඩිවල ඉස්ම ගෙන එයට භාගෙට තම්බාගත් උළුහාල් එකතුකර එය හොඳින් මිශ්‍ර කරන්න. පසුව එය හිසේ ආලේප කර විනාඩි 20 ක් තබා සෝදා හරින්න.

🔴 පොල්කිරි + යෝගට් + බිත්තර සුදු මද වලින් හදන ෂැම්පු එක

පොල්කිරි ස්වල්පයක් ගෙන එයට යෝගට්, බිත්තර සුදුමද එකතුකර මිශ්‍ර කරගන්න. එලෙස සාදාගත් මිශ්‍රණය හොඳින් හිසකෙස් වල හා හිස්කබලේ ආලේප කරන්න.

🔴 ගොටුකොළ + යෝගට් වලින් හදන ෂැම්පු එක

ගොටුකොළ ස්වල්පයක් ගෙන එය හොඳින් අඹරා යුෂ ලබාගන්න. එයට යෝගට් දමා කලවම් කර ආලේප කරන්න. විනාඩි 10 කට පසු සෝදා හරින්න.

🔴 ගොටුකොළ + බිත්තර සුදු මද වලින් හදන ෂැම්පු එක

ගොටුකොළ යුෂට බිත්තර සුදුමද දමා කලවම් කර හිසකෙස් වල හා හිස්කබලේ ආලේප කරන්න. විනාඩි 20 කට පසු සෝදාහරින්න.

🔴 වෙරළු කොළ + දෙහි ගෙඩි වලින් හදන ෂැම්පු එක

වෙරළු කොළ ටිකක් ගෙන කොටා භාගෙට තම්බාගත් දෙහි ගෙඩියක් දමා කලවම් කරගෙන ආලේප කරන්න. ආලේප කර විනාඩි 20 කට පසු සෝදාහරින්න.

🔴 පේර කොළ + ඔලිව් තෙල් + බිත්තර සුදු මද + උළුහාල් සහ දෙහි වලින් හදන ෂැම්පු එක

පේර කොළ කොටා ඉස්ම ගෙන එයට ඔලිව් තෙල් හා බිත්තර සුදුමද, දෙහි, භාගෙට තැම්බූ උළුහාල් එකතුකර බ්ලෙන්ඩර් කරගන්න. එම මිශ්‍රණය හිසේ ආලේප කර විනාඩි 25 ක් පමණ තබා පසුව සෝදා හරින්න.

🔴 කරපිංචා + යෝගට් වලින් හදන ෂැම්පු එක

කරපිංචා යුෂ, යෝගට් සමඟ එකට බ්ලෙන්ඩ් කර මිශ්‍රණය සාදාගන්න. පසුව එය හිසේ ආලේප කර සෝදාහරින්න.

🔴 බිත්තර සුදු මද + මීපැණි වලින් හදන ෂැම්පු එක

බිත්තර සුදුමද 03 කට මීපැණි මේස හැඳි 02 ක් එකතුකර හොඳින් කලවම් කරගන්න. පසුව එය හිසකෙස්වල හා හිස්කබලේ ආලේපකර ටික වෙලාවකට පසු සෝදන්න.

🔴 බිත්තර සුදුමද + ඔලිව් තෙල් වලින් හදන ෂැම්පු එක

බිත්තර සුදුමද 02 ක් හෝ 03 ක් ගෙන එයට උණුසුම් වතුර ස්වල්පයක් එකතුකර කලවම් කරන අතරතුර එයටම ඔලිව් තෙල් බිංදු 03 ක් පමණ එකතුකර මිශ්‍ර කරගන්න. එම මිශ්‍රණය හිස්කබලේ සහ හිසකෙස් වල ආලේප කර පසුව සෝදාහරින්න.

🔴 බිත්තර + ලෙමන් + මීපැණි සහ ඔලිව් තෙල් වලින් හදන ෂැම්පු එක

බිත්තර 02 ක් ගෙන එයට ලෙමන් යුෂ මේස හැඳි 02 ක් හා මීපැණි මේස හැඳි 01ක් කලවම් කරන්න. ඒ අතරතුර ඔලිව් තෙල් බිංදු 03 ක් කලවම් කර හොඳින් මිශ්‍රකර හිසකෙස් වල හා හිස්කබලේ ආලේප කරන්න.

🔴 බිත්තර + බේකින් සෝඩා වලින් හදන ෂැම්පු එක

බිත්තර සුදුමද 03 කට බේකින් සෝඩා මේස හැඳි 01ක් මිශ්‍රකර එය හිසේ ආලේප කරන්න. පසුව හොඳින් සෝදාහරින්න.

🔴 අලිගැටපේර + බේකින් සෝඩා වලින් හදන ෂැම්පු එක

හොඳින් ඉදුණු අලිගැටපේර ගෙඩියක මදය හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. පසුව එයට බේකින් සෝඩා මේස හැඳි 01 ක් හා වතුර ස්වල්පයක් එකතුකර හොඳින් කලවම් කරගන්න. හිසකෙස් වල හා හිස්කබලේ ආලේප කර ටික වෙලාවක් තබා සෝදාහරින්න.

🔴 ලෙමන් + පිපිඤ්ඤා වලින් හදන ෂැම්පු එක

ලෙමන් ගෙඩියක් හා පිපිඤ්ඤා ගෙඩියක් ගෙන පොත්ත ඉවත්කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. එම මිශ්‍රණය හිස්කබලේ සහ හිසකෙස් වල ආලේප කර පසුව හොඳින් සෝදාහරින්න.

© All Rights Reserved

Post a Comment

0 Comments