ගතට හිතට පණක් නැති වෙලාවට හදාගෙන බොන පැරණි රහස් සුප් පානය

 

ඇඟට කිසි පණක් නැතිව ඔහේ පැත්තකට වැටිලා ඉන්න වෙලාවල් අපිට ජීවිතයේ කොතෙකුත් එනවා. කොයි වෙලාවේ පාරක් අයිනේ වැටිලා ඉඳීයිද දන්නේ නෑ කියලා ඔයාට ඒ වෙලාවට අනන්තවත් හිතිලා ඇති. කොතෙක් කෑවත් බීවත් ඇඟට අවශ්‍ය පෝෂණය ඔබ කන ආහාර වේලේ නැත්නම් ඔයාගේ හිතයි ගතයි දෙකම උදාසීන වෙලා ඔයා පණනැති වෙන එක කොහොමත් අහන්න දෙයක් නෙවෙයි. අපි හැමෝම ඒ නිසා ඇඟේ ජීව ශක්තිය වර්ධනය කරන ආහාරයක් දිනපතාම ලබාගැනීම අතිශයින්ම වැදගත්.

අද අපි ඔබට කියලා දෙන මේ පැරණි රහස් සුප් පානය හදාගෙන බිව්වට පස්සේ ආපහු ඔයාට කවදාවත් ඇඟ කම්මැලියි වෙන එකක් නෑ.. හිත හෝන්දුමාන්දු වෙලා උදාසීන වෙන එකක් නෑ. මේක ඒ තරම්ම බලවත් පැරණි සුප් පානයක්. මේක බිව්වට පස්සේ ගතේ හිතේ තියෙන අලසකම නැති කරලා දාලා ජවයෙන් පිරුණු ජීවිතයක් ගත කරන්න ඔබටත් පුළුවන් වේවි.

🔴 සාදාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය

🔶. කපාගත් කුකුල් මස් 200g ක් (සම සහ කටු රහිතව කුඩා කැබලි වලට කපාගන්න.)
🔶. සුදුළූණු බික් 06 ක් (දෙකට තුනට කපාගන්න.)
🔶. ඉඟුරු පොඩි කැබැල්ලක්
🔶. සැල්දිරි දඬු කැබලි ටිකක් (අඟල් දෙකක පමණ කැබැල්ලක් කපාගන්න.)
🔶. සේර පොඩි කැබැල්ලක්
🔶. හාල් මේස හැඳි 02 ක්
🔶. කැරට් කෝප්ප 1/2 ක් (කොටු කොටු කපාගන්න.)
🔶. බාර්ලි මේස හැඳි 01 ක් (කලින් දියේ ටිකක් දාගන්න)
🔶. කඩල පරිප්පු මේස හැඳි 01 ක්
🔶. අල කෝප්ප කාලක් (පොතු ඉවත් කර පොඩියට කැබලි කපාගන්න.)
🔶. ගිතෙල් හෝ බටර් මේස හැඳි 02 ක්
🔶. ගම්මිරිස් ටිකක්
🔶. ලුණු රස අනුව
🔶. වතුර කෝප්ප 04 ක්
🔶. කිරි කෝප්ප 1/2 ක්

🔴 සාදාගන්නා ආකාරය

01). පිරිසිදු සාස්පානක් ගන්න. එයට ගිතෙල් හෝ බටර් මේස හැඳි දෙකක් දමාගන්න. ගිතෙල් නම් වඩාත් හොඳයි.

02). රත් වූ විට එයට සැල්දිරි, සේර, ඉඟුරු, සුදුළූණු, කැරට් ටික දමන්න.

03). විනාඩියක් තෙම්පරාදු කරන්න. පසුව එයට කපාගත් කුකුල් මස් කැබලි ටික දමන්න. එයටම සහල් සහ කඩල පරිප්පු ටිකක් දමන්න. විනාඩි දෙකක් පමණ තෙම්පරාදු කරන්න.

04). දැන් බාර්ලි සහ අල ටික දමන්න. ටික වේලාවක් තබා එයට වතුර කෝප්ප 04 ක් දමන්න.

05). මධ්‍යම ප්‍රමාණයේ ගින්දරේ පිසින්න.

06). වතුර භාගයක් හිඳුනු පසුව මේ ටික තරමක් නිවාගෙන බ්ලෙන්ඩරයට දමා තත්පර 30 ක් පමණ බ්ලෙන්ඩර් කරන්න. ගොඩක් මෘදුව බ්ලෙන්ඩර් කරන්න එපා.

07). දැන් එම බ්ලෙන්ඩර් කරගත් මිශ්‍රණය යලිත් සාස්පානට දමා රත්කරන්න.

08). උතුරාගෙන එද්දී ගම්මිරිස්, ලුණු සහ කිරි දමන්න. තවත් විනාඩි හතරක් පිස බාගන්න.

මේ සුප් පානය හැමදාම උදේට උදේට බොන්න. ඉතිරි වෙනවා නම් ඒක පැය 02 කට පසුව බොන්න. මේ ලබා දී තිබෙන්නේ එක් අයෙක් සඳහා ලබාදෙන වට්ටෝරුවයි.

මේ සුප් පානය බොනවා නම් වෙන දෙයක් උදේට කන්න අවශ්‍ය නැහැ. ටික දවසක් බොනකොට ලොකු වෙනසක් දැනේවි. හැමදාම බොන්න හිතේවි. එහෙම කරන්න. කිසි ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ.

ප්‍රාණය ශක්තිමත් කරන රටඉඳි වලින් හදන තවත් වට්ටෝරුවක් අපි දීලා ඇති. ඒකත් හොයාගෙන මාරුවෙන් මාරුවට බොන්න. තවත් ඔබව ශක්තිමත් වේවි.

📗 මූලාශ්‍ර තොරතුරු :- ආයුර්වේදයේ රහස් ප්‍රතිකාර
© All Rights Reserved

Post a Comment

0 Comments