පිළිස්සුම් වේදනාව ඉක්මණින් නැති කරන අපේ විශ්මිත ප්‍රතිකාර

ගෙදර ලස්සනට වවන හෙන්දිරික්කා මල් ගහ හොඳ ඖෂධයක් කියලා කවදාවක්වත් ඔබට හිතුනෙ නැතුව ඇති නේද? අතක් පයක් පිච්චුන වෙලාවක විනාඩි 05ක 10ක වගේ පුංචිම පුංචි කාලයකදි දැවිල්ල වේදනාව සම්පූර්ණයෙන්ම යටපත් කරන විශ්මිත හැකියාවක් මේ ලස්සනට දම් පාට මල හැදෙන හෙන්දිරික්කා ගහේ කොළ වලට තියෙනවා. 

දැන් ඉස්සරහට එන අවුරුදු කාලයත් වැඩිපුර ගින්දරෙන් අනතුරු කරගන්න කාලයක් නේ. ඒ නිසා දැවීම් පිළිස්සීම් වලින් සිදුවෙන අනතුරකදි ඒ සඳහා ක්ෂණිකව කරගත හැකි සරල ප්‍රතිකර්ම මේ වෙලාවේ දැනගෙන සිටීම හරිම වටිනවා. ඔබට හෝ හිතවතෙකුට ඒවගේ හදිසි අනතුරක් වුන වෙලාවකදි නිකරුනේ වරු ගණන් දුක් විඳ විඳ ඉන්නෙ නැතුව අපේ හෙළ වෙදකමේ, ආයුර්වේද වෙදකමේ එන මේ අත් බෙහෙත් ටික හදලා තියන්න. ඒ දැවිල්ල වේදනාව සුළු මොහොතකින් සම්පූර්ණයෙන්ම යටපත් කරගන්න ඔබට පුළුවන්. එහෙම කියන්නේ අපි හරිම විශ්වාසයෙන්.

ඔන්න අද ඉඳන් අතක් පයක් පිච්චුනාම කෝමාරිකා කෑල්ලක, කුකුල් තෙල් ටිකක, මී පැණි ටිකක විතරක් පිහිට පත පතා ඉන්නෙ නැතිව මේ විශ්මිත අත් බෙහෙතුත් සකසා භාවිතා කර බලන්න. ඔබගේ දැවිල්ල වේදනාවට සහනය ගෙන එන ඖෂධයක් මීට වඩා නෑ කියලා ඇත්තටම ඔබට එදාට හිතේවි.

🔴 හෙන්දිරික්කා ප්‍රතිකාරය

දම් පාට මල් පිපෙන හෙන්දිරික්කා ගහේ කොළ දෙතුන් මිටක් පමණ අරගන්න. එය හොඳින් අඹරා පිරිසිදු පොල්තෙල් ස්වල්පයක් සමඟ මිශ්‍රකර පිළිස්සුනු ස්ථානයේ ආලේප කරන්න. විනාඩි 05ක් වැනි කුඩා කාලයකදී ඔබේ දැවිල්ල වේදනාව සම්පූර්ණයෙන්ම නැති වී යාවි.

🔴 ගොඩ කූඩළු ප්‍රතිකාරය

ගොඩ කූඩළු දෙතුන් මිටක් අරගෙන හොඳින් අඹරා තල තෙල් මිශ්‍රකර ආලේප කරන්න.  

🔴 බෙහෙත් ගොළුබෙලි සාරය 

වල් හබරල පෙති ටිකක් ගෙන එය හොඳින් කොටා යුෂ වෙන්කරගන්න. එම යුෂ සමඟ බෙහෙත් ගොළුබෙල්ලන්ගේ සාරය මිශ්‍ර කර ආලේප කරන්න.

(මෙය දේශීය වෙදකමේ බල මහිමය ඔබට දැක්වීම සඳහා පමණි. කිසිම විටෙක සත්වයකුගේ ප්‍රාණයක් නැසීම අනුමත නොකෙරේ.)

🔴 අළු කෙසෙල් කඳන් යුෂ ප්‍රතිකාරය 

මෙම ප්‍රතිකාරය වඩා සුදුසු වන්නේ මුළු සිරුරම පිළිස්සුන අයෙකු සඳහායි.

අලු කෙසෙල් කඳක් අරගෙන පළමුව එහි පිලි කිහිපයක් ඉවත් කරගන්න. ඉන්පසු ඇති කඳ කොටස හොඳින් කපා පෙති ගසා වංගෙඩියක දමා කොටා එහි යුෂ වෙන්කර මුළු සිරුර පුරාම ආලේප කරන්න. රෝගියාගේ දැවිල්ල සහ වේදනාව ඉක්මනින්ම අඩුකරගත හැකියි.

📗 මූලාශ්‍ර :- දේශීය ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථ
© All Rights Reserved 


Post a Comment

0 Comments