නිතර නිතර දුරකථනය, පරිගණකය ඇසුරු කරන අය මේ ඖෂධ දියරයෙන් ඇස් සෝදන්න


මේ දවස් වල ඉතින් අපි හැමෝම Online. ඉස්කෝලේ යන්නේ, පන්ති යන්නේ, යාලුවො මුණ ගැහෙන්නේ විතරක් නෙවෙයි කඩේ යන්නෙත් ස්මාර්ට් ෆෝන් එකෙන්, ලැප්ටොප් එකෙන්. මෙහෙම වුනාම අපි නොදැනුවත්වම දුරකථන තිරයට පරිගණක තිරයට බොහෝ වෙලා නිරාවරණය වෙනවා. ඉතින් මේ ඩිජිටල් තිර දිහා ගොඩක් වෙලා බලාගෙන ඉන්නකොට අපේ ඇස් අපිට නොදැනිම වියළීමකට ලක්වෙනවා. ඒ නිසා කලයත් සමඟ ටිකෙන් ටික විවිධ අක්ෂි ආබාධ හටගන්න පටන් ගන්නවා.

කවදාවත් නැතුව ඇස් දෙක බර වෙලා ලොකු විඩාබර බවක් දැනෙන්නෙත්, විටින් විට ඇස් කෙවෙන්නෙත්, ඇසේ පෙනීම අඩුවෙන්නෙත්, හිසරදය එන්නෙත් මෙන්න මේ දේවල් වල ප්‍රතිඵලයක් විදිහට. ඉතින් මේ වෙලාවට ඇස් දෙක රැකගත හැකි ඖෂධ දියරයක් තියෙනවා නම් එහි වටිනාකම වචනයෙන් කියන්න බෑ.

බොහෝ අක්ෂි ගැටළු මඟහරවා ගනිමින් අපේ ඇස් දෙක ආරක්ෂා කරගත හැකි හෙළ වෙද පත පොතේ සඳහන් එවැනි ඖෂධ දියරයකුයි අද අපි ඔබට ගෙන එන්නේ. මේ ඔසු දියරය හදාගන්න ලොකු වියදමක් දරන්න ඕන නෑ. වටින් පිටින් හොයාගන්න පුළුවන් ඖෂධ වර්ග බොහෝමයක් මෙහි තියෙනවා. ඉතිරි  ඖෂධ ටික ආයුර්වේද ඖෂධ වෙළඳසැලකින් මිලදී ගන්න පුළුවන්. ඉතින් කොරෝනා වලට පිහිට වූ අපේ හෙළ වෙදකම ආයුර්වේද වෙදකම ප්‍රයෝජනයට අරගෙන ඔබටත් දැන්  ඔබේ ඇස්දෙක පහසුවෙන් රැකගන්න පුළුවන්.

ඖෂධ දියරය සකසන හැටි 

🔴 අවශ්‍ය ද්‍රව්‍ය 

🔶. දොඹ දළු ටිකක්

🔶. වද මල් ටිකක්

🔶. රත්මල් ටිකක්

🔶. සියඹලා කොළ ටිකක්

🔶. ලොත්සුඹුලු කැබලි කිහිපයක්

🔴 සකසා ගැනීම හා භාවිතා කරන අන්දම

පිරිසිදු මැටි භාජනයකට ඉහත සඳහන් ද්‍රව්‍යයන් සියල්ලම දමා හොඳින් තම්බාගන්න. ඉන්පසුව මදරස්නය තිබියදීම එම වතුර වලින් ඇස් වටේ තවන්න. එම වතුර වලින්ම ඇස් සෝදන්න.

📗 මූලාශ්‍රය :- ජීවක අසපුව (ගඟුලේ වෙදමහතා)

Post a Comment

0 Comments