හදිසියේ ඇතිවන ආසාත්මිකතා සහ ඒවා වළක්වා ගන්නා ආකාරය


 
🔴 ආහාර

01). උෂ්ණ ආහාර, ආම්ලික ආහාර අනුභවය අවම කරන්න.

උදා:- දෙල්, මුරුංගා, රඹුටන්, මැංගුස්, අච්චාරු, අන්නාසි, ඉස්සො, දැල්ලො, බල මාළු, තලපත්, සැමන්, හරක් මස් ආදිය

02). මඤ්ඤොක්කා වැනි අහාර තැම්බීමේදි පියන ඇර තැම්බීම.

03). මඤ්ඤොක්කා වැනි ආහාර ගත් විගස ඉඟුරු සහිත ආහාර නොගැනීම.

04). කෘතීම ආහාර, ක්ෂණික අහාර හැකි තරම් අවම කිරීම. (සොසේජස්, මීට් බෝල්ස්, ක්ෂණික නූඩ්ල්ස් වර්ග, බිස්කට්, ටිපිටිප් වර්ග, බයිට් වර්ග)

05). පැණි බීම වර්ග භාවිතය අවම කරන්න.

🔴 ආලේප

01). ප්‍රමිතියෙන් තොර හා පිටරට වලින් ගෙන්වන ලද නොදන්නා ආලේප ශරීරයේ ආලේපයෙන් වැළකීම.

02). කෘතීම ආලේප වර්ග වෙනුවට විශ්වාසනීය ශාකසාර ආලේප වර්ග භාවිතය.

03). හිසකෙස් කළු කරන ඩයි වර්ග, ජෙලි වර්ග සහ හෙයාර් ක්‍රීම් වර්ග භාවිතයේදී ප්‍රවේශම් වන්න. හැකිතරම් ශාක නිෂ්පාදන භාවිතා කරන්න.

04). ෂැම්පු වර්ග, සුවඳ විලවුන් වර්ග භාවිතයේදී ආසාත්මිකතා ඇතිවන බව හැඟේ නම් ඒවා භාවිතය නතර කරන්න.

05). හැකි තරම් බේබි සබන් වර්ග පමණක් ආලේප කරන්න.

🔴 ඖෂධ 

01). ඖෂධ ලබාගත් විගස ඔබගේ ශරීරයේ ඇතිවන යම් යම් කැසීම්, රතුවීම්, වමනය ඇතිවීම්, ස්වසන අපහසුතා ආදිය පිළිබඳ සැළකිලිමත් වන්න.

02). ඉන්ජෙක්ෂන් ලෙස ඖෂධ ලබා ගන්නා විටත් ගත් විගසත් ඔබට යම් අපහසුතා ඇති වේනම් වෛද්‍ය වරයා දැනුවත් කරන්න.

03). ක්‍රීම් වර්ග, තෙල් වර්ග, පත්තු වර්ග ආලේප කරන විට රතුවීම, ඉදිමීම, කැසීම ඇත්නම් ඒවා භාවිතය නතර කරන්න.

හදිසියේ ඇතිවන ආසාත්මිකතා  සහ ඒවා වලක්වා ගන්නා ආකාරය

🔵 ආහාර

01). උෂ්ණ ආහාර, ආම්ලික ආහාර අනුභවය අවම කරන්න.

උදා:- දෙල්, මුරුංගා, රඹුටන්, මැංගුස්, අච්චාරු, අන්නාසි, ඉස්සො, දැල්ලො, බලමාලු, තලපත්, සැමන්, හරක් මස් ආදිය.

02). මඤ්ඤොක්කා වැනි අහාර තැම්බීමේදි පියන ඇර තැම්බීම.

03). මඤ්ඤොක්කා වැනි ආහාර ගත් විගස ඉඟුරු සහිත ආහාර නොගැනීම.

04). කෘතීම ආහාර, ක්ෂණික අහාර හැකි තරම් අවම කිරීම. (සොසේජස්, මීට් බෝල්ස්, ක්ෂණික නූඩ්ල්ස් වර්ග, බිස්කට්, ටිපිටිප් වර්ග, බයිට් වර්ග)

05). පැණි බීම වර්ග භාවිතය අවම කරන්න.

🔵 ආලේප

01). ප්‍රමිතියෙන් තොර හා පිටරට වලින් ගෙන්වන ලද නොදන්නා ආලේප ශරීරයේ ආලේපයෙන් වැළකීම.

02). කෘතීම ආලේප වර්ග වෙනුවට විශ්වාසනීය ශාකසාර ආලේප වර්ග භාවිතය.

03). හිසකෙස් කළු කරන ඩයි වර්ග, ජෙලි වර්ග, හෙයාර් ක්‍රීම් වර්ග භාවිතයේදී ප්‍රවේශම් වන්න. හැකිතරම් ශාක නිෂ්පාදන භාවතා කරන්න.

04). ෂැම්පු වර්ග, සෙන්ට් වර්ග භාවිතයේදි ආසාත්මිකතා ඇතිවන බව හැඟේ නම් ඒවා භාවිතය නතර කරන්න.

05). හැකි තරම් බේබි සබන් වර්ග පමණක් ආලේප කරන්න.

🔵 ඖෂධ 

01). ඖෂධ ලබා ගත් විගස ඔබගේ ශරීරයේ ඇතිවන යම් යම් කැසීම්, රතුවීම්, වමනය ඇතිවීම්, ස්වසන අපහසුතා පිළිබඳ සැලකිලිමත් වන්න.

02). ඉන්ජෙක්ෂන් ලෙස ඖෂධ ලබා ගන්නා විටත් ගත් විගස ඔබට යම් අපහසුතා ඇති වේනම් වෛද්‍ය වරයා දැනුවත් කරන්න.

03). ක්‍රීම් වර්ග, තෙල් වර්ග, පත්තු වර්ග ආලේප කරන විට රතුවීම, ඉදිමීම, කැසීම ඇත්නම් ඒවා භාවිතය නතර කරන්න.

🔵 පුරුදු

01). ඔබ රබර් පාවහන් භාවිතා කරන විට කැසීම, ඉදිමීම ඇති වෙයි නම් ඒ වෙනුවට හම් පාවහන් භාවිත කරන්න.

02). සීතල සුලඟ, විදුලි පංකා, වායුසමීකරණ යන්ත්‍ර, සීතල ජලය පානය නිසා හුස්ම ගැනීමේ අපහසුතා, හොටු දියර ගැලීම ආදිය වේනම් ඒවා අවම කරන්න.

03). යම් ඇඳුම් වර්ග භාවිතයේදි කැසීමක්, රතුවීමක් තිබේනම් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.

04). රූපලාවණ්‍ය කටයුතු වලදී භාවිත කරන ස්ප්‍රේ වර්ග, ආලේප වර්ග ප්‍රවේශමෙන් භාවිතය.

05). ඇල්වතුර ස්නානය කරන විට ශරීරයේ කැසීම ඇති වේනම් උණු ජලය භාවිතය.

🔵 සතුන්

01). පූසන් වැනි සතුන්ගේ ලොම් නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවේනම් එම සතුන්ගෙන් ඈත් වීම.

02). සමේ යම් ඉදිමීමක්, රතු වීමක්, කැසීමක් ඇත්නම් එයද යම් කෘමි සතෙකුගේ ගෑවීමක් හෝ භක්ෂණයක් නිසා විය හැක. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.

03). සතුන්ගේ මල, මුත්‍ර සහ සතුන් ගෑවීම නිසාද කැසීම, ඉදිමීම ආදී ආසාත්මිකතා ඇති විය හැක.

🔵 ආසාත්මිකතා ඇති විට කළ යුතුදේ

01). ඔබට ආසාත්මික දෑ හඳුනාගෙන හැකි තරම් භාවිතය අවම කිරීම.

02). ජලය හොඳින් පානය කිරීම.

03). සමේ ඇතිවන ඉදිමීම, රතුවීම වැනි යම් කුඩා කෘමි සතෙකුගේ දශ්ඨයකදී එම ස්ථානයේ රතුළූණු ගෙඩියක් ආලේප කිරීම.

04). දළඹුවන් ගෑවීම හෝ යම්කිසි දෙයක් ගෑවීම නිසා සමේ ඇතිවන ආසාත්මිකතා වලදී පිරිසිදු පොල් තෙල් හෝ නීල්‍යාදී වැනි තෙල් ආලේප කිරීම.

05). සැර සබන් වර්ග ආලේප නොකිරීම.

06). ආසාත්මිකතාව දිගටම පවතින්නේ නම්, ඉක්මණින් පැතිරේ නම් වමනය, ඔක්කාරය ඇතිනම්, ක්ලාන්තය ඇතිවේ නම්, ක්ෂණිකව සමේ රතුවීම්, ඉදීමිම්, කැසීම් පැතිරේනම් හැකි තරම් ඉක්මණින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවීම.

07). සැක සහිත සතෙකු හෝ ඉහත පරිදි ආසාත්මික ලක්ෂණ ඇතිවන විට නිවසේදී ප්‍රතිකාර නොකර වෛද්‍යවරයෙකු හමුවීම ඉතා වැදගත්ය.

බොහෝ විට මෙම ආසාත්මිකතා ඇතිවීම පුද්ගලයාගේ ශරීර ස්වභාවය සහ ඇවතුම් පැවතුම් අනුවද තීරණය වන නිසා තමන් අවබෝධයෙන් යුතුව අහාර, ඖෂධ, ආලේප වර්ග තෝරා ගැනීමෙන් මේ තත්ව අවම කරගත හැකිවනු ඇත.

👦 සටහන :- වෛද්‍ය ප්‍රසාද් විජේසේකර මහතා

📞 𝟬𝟳𝟳-𝟯𝟯𝟴𝟱𝟱𝟰𝟭, 𝟬𝟳𝟭-𝟴𝟯𝟲𝟱𝟲𝟬𝟱


Post a Comment

0 Comments